සොඳුරු වෙරළ (සුනාමි ආවර්ජනයකි)........
සයුර නුඹ කිසි දිනෙක
චේතනාවෙන් තොරව
කෙරුනු වරදක් නමින්
ගැරහුමට ලක් උනිද....
ගැඹුරු පතුලේ අන්ධ
දෙදරුමට ගිනි බින්ද සයුරු රළ අනු නන්ද
උදම් උන වරදින්ද...
නුඹ පතුල ගිනි දක්වා
නැගෙන ගිනි කඳු ලවා
කලෙද වෙසෙසින් මුවා
එදින නම් බැරි උනා....
රික්ටාවෙ මාපකය
නවය පැන ගිය එකට
සඟව ගනු බැරි දුකට
සෙලවුනා නුඹෙ ඇකය...
සයුර වෙරලක රැදුන
නුඹ දසුන මන බැඳුණු
මොහොතකට බොඳ කෙරුනු
සුනාමිය මයි දරුණු....

