පිකට් කලෙමි......
දියව් දියව්...
අපිට දියව්...
අමාත්‍යාංශය අබියස
තාර පාරෙ පුක තියාන
බලධරයින් පොළබවමින්
ඉල්ලීමන් මොරගසමින්
සිංහල ඉංග්‍රිසි දෙමළ
බෝඩ් ලෑලි අමෝරමින්
කඳුලු ගෑස් නොගැටුනු ඇස
රබර් උණ්ඩ නැති මුරණ්ඩු
බැටන් වලට සටන් නොදී
අඩු තරමින් ජල ප්‍රහාර
අත් නොවිදම පෙළ ගැසෙමින්
අක්ෂි වාට්ටුව අතරින්
විහාර මහ දේවියගේ
නමින් රැඳුණු උද්‍යානය
පෙරදා ප්‍රේමයෙන් වෙලුනු
සැමරුම් මුලු පඳුරු දුටිමි
අතීතයේ හා මුසු වූ
සහෘදයන් මුහුණු දුටිමි
කෙලවර කොනකදී ඉදිරිපත්වු
විවෘත වූ රඟහලේදි
කථිකයන්ගෙ වහසි බසින්
ජය අපිටයි අපිට ජයයි
ලවන් පොවන මියුරු තෙපුල්
අභිමනයෙන් මුසපත් වී
පෙරලා රථයට සපැමිණ
උපාලි සරි කෙරූ බොජුන්
වලදන්නට පෙරව පරව
මධුවිතයෙන් මුදුන් පත්ව
අධිවේගෙන් ගෙදර අවුත්
පසුදා සේවයට ගියෙමි....

ela
ReplyDelete